Posts

Showing posts from March, 2020

ඡත්ත මානවක ගාථා

Image
මෙහි නිධාන කතාවට පාදක වෙන්නේ බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර වැඩ වාසය කරන කාලයේ ජීවත් වුන ඡත්ත කියන තරුණ මානවකයා ගැනයි.මේ කතාව කෙටියෙන්ම කියනව නම් මේ තරුණයා උක්කට්ඨා කියන නුවර පොක්ඛරසාති කියන ගුරුවරයාගෙන් සියළුම ශිල්ප හදාරලා ගුරුවරයාගෙන් සමු අරගෙන ගුරු පඩුරු ගෙනත් දීමේ පොරොන්දුව ඇතිව තම දෙමාපියන් වාසය කළ සේතව්‍යා නුවරට පැමිණලා දෙමාපියන්ට සියළු විස්තර කියලා නැවත පසුවදා නැගිටලා කහවනු දහසකුත් අරගෙන නැවත ගුරුන් දකින්න යනවා.එදා උදෑසන මහා කරුණා සමාපත්තියට සම වදින බුදුන් වහන්සේ දිවැසින් දකිනවා මොහු සොර මුලක් අතින් කැලෑවක් තුල ඝාතනය වන බවත් එය වැලැක්විය නොහැකි බවත්.බුදුන් වහන්සේ මොහුට පිහිට වීම පිණිස මොහු එන ගමන් මාර්ගයේ ගසක් මුල වැඩ සිට ඔහුට තුනුරුවන්ගේ ගුණ සහිත ගාථා තුනක් උගන්වනවා.එය හොඳින් මතක තියාගත් මෙම තරුණ මානවකයා ඉදිරියේදී මහා කැලෑවක් තුළ සොරමුලක් අතින් ඝාතනය උනත් දිව්‍ය සැප සම්පත්ති ඇති තැනක උප්පත්තිය ලැබීමට වාසනාව හිමි කරගන්නවා.බුදුරජාණන් වහන්සේ ඡත්ත මානවකයාට උගන්වන ලද ගාථා තුන තමයි පහතින් දක්වන්නේ. යො වදතං පවරො මනුජෙසු - සක්‍යමුනී භගවා කත කිච්චො පරගතො බල විරිය සමංගි    - තං ස

පෙරුම්කායම්

Image
දෙවියන්ගේ ආහාරය ලෙසින් ලොව ප්‍රසිද්ධ පෙරුම්කායම් වල විද්‍යාත්මක නාමය වෙන්නේ Ferula assa fcetida ,මෙයට කන්නඩි භාෂාවෙන් ඉන්ගු කියලත්, ඉංග්‍රීසියෙන් ඇසෆිටීඩා Asafoetida වගේම දමිළ භාෂාවෙන් පෙරුම්කායම් කියලත් ව්‍යවහාර වෙනවා. විවිධ ඖෂධ ක්‍රම වලදී මෙය ඖෂධයක් ලෙස භාවිතයට ගැනෙනවා වගේම ආහාර පිසීමේදී කුළු බඩුවක් වශයෙනුත් ගැනෙනවා.වෛරස් රෝග වලදී අපේ ශරීරයේ ප්‍රතිශක්තිය ඇතිකරන්නත් මහෝපකාරී වෙනවා.මෙය වෛරස් සමග ගැටුන විට එහි වර්ධනය අඩපණ කරන බවට සොයා ගෙන තියෙනවා. මෙය කැටයක් වශයෙන් තියෙන කොට සැර සුවඳකුත් ,ආහාර වලට දැමූ පසු ප්‍රණීත සුවඳක් සහ රසයකුත් පවතිනවා. පෙරුම්කායම් පැලෑටිය බහුල වශයෙන් වැවෙන්නේ ඉරානය, ඇෆ්ගනිස්ථානය, පකිස්ථානය වගේම ඉන්දියාවේ කාශ්මීර ප්‍රාන්තයේයි.පෙරුම්කායම් හදන්නේ පෙරුම්කායම් ගස් වල මුදුන් මුල,කඳ සහ පත්‍ර කැපුවාම වෑහෙන සුදු පැහැති දියරය වේලලයි.මේ පැලෑටිය අඩි 3 ත් 5 ත් දක්වා උසට වැඩෙනවා. පෙරුම්කායම් ස්නායු රෝග වලට, සෙමට, ඇඳුමට, හුස්ම ගැනීමේ අපහසුතා වලට, උගුරේ අමාරු වලට,වාත දෝෂ වලට, කෑම දිරවීමට, බඩේ වේදනා වලට, කොලෙස්ටරෝල් වගේම මානසික රෝග සඳහාත් ගුණදායක වෙනවා.හැබැයි මෙහි

මනස නිර්වින්දනය කිරීම

Image
මනස නිර්වින්දනය ගැන කතා කරන කොට අප්‍රිකාවේ සැවානා වල වැඩි වශයෙන් ජීවත් වන උෂ්ණත්ව කාල වලදී බහුලව දකින්න පුළුවන් Emerald Wasp කියන දෙඹර විශේෂය ගැන මතක් උනා.මේ සත්වයාගේ ජීවන ගමනේ ආරම්භය නැත්නම් බිත්තර දැමීම සිදු කරන්නේ කැරපොත්තෙකුගෙ ඇග ඇතුළේ.මේකට තෝරාගන්නේ හොඳ පෘෂ්ඨිමත් වගේම නීරෝගීමත් කැරපොත්තෙක්ව.(හැබැයි සමහර අවස්ථා වල මකුළුවන්,දළඹුවන් සහ කූඹින්ව මේ කාර්යය සඳහා යොදා ගත්ත අවස්ථා වාර්තා වෙලා තියෙනවා)මේ කාර්යයේදී කැරපොත්තන්ව විශේෂයෙන් ගන්නේ සමහර විට කැරපොත්තන්ට ඕනෑම දෙයක් ආහාරයට ගැනීමේ හැකියාව තියෙන නිසා වගේම ආහාර නැතුව උනත් ගොඩක් කල් ජීවත් වීමේ හැකියාවත් තියෙන නිසා වෙන්න පුළුවන්.මේ විදිහට තෝර ගත්ත කැරපොත්තාගේ ඵලදායීතාවය එහෙම නැත්නම් තම කාර්යයට ඇති ප්‍රයෝජනවත් සෞඛ්‍ය සම්පන්න කැරපොත්තෙක්ද කියලා දෙඹරා විසින් බලා ගන්නේ මේ කැරපොත්තාගේ රුධිරය රස බැලීමෙන් තමයි.හොඳට වැඩුණු කැරපොත්තෙක් දැක්ක ගමන් මේ දෙඹර ගැහැණු සතා විදුලි වේගයෙන් කැරපොත්තා වෙත කඩා පැන දෂ්ට කරනවා.පළමු දෂ්ටයෙන් කැරපොත්තාගේ ඉදිරි පස කකුල් අක්‍රිය කරනවා.දෙවැනි දෂ්ටය ඇය කෙළින්ම කැරපොත්තාගේ මොළයට එල්ල කරනවා.මෙම විෂ සහිත විශේෂ රසාය