ලෝකෙටම වටින රත්‍රරං

රත්‍රරං කියන්නෙ ඈත අතීතයේ ඉදන්ම යුග යුග ගනන් ප්‍රචලිත වෙමින් පැවතගෙන එන වටිනා කියන ලෝහයක්.මෙහි ඇති දිලිසෙන ගුණය නිසාවෙන් වටිනාකම නොනැසී පැවත ගෙන එනවා.

ලෝකයේ රන් ආකර වලින් තුනෙන් දෙකක්ම පිහිටලා තියෙන්නෙ දකුණු අප්‍රිකාවේ.ඒ වගේම රුසියාව ,කැනඩාව,ඇමරිකාව සහ ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයෙන් විශාල රන් නිධි හමුවෙනවා.තවත් දෙයක් තමයි ලෝකයේ බොහොමයක් ප්‍රදේශ වල පොළව අභ්‍යන්තරයෙන්,ජලයේ යම් ද්‍රව්‍යයන් සමග මිශ්‍රවී හමුවෙන අවස්ථා වගේම මුහුදු ජලයෙනුත් සොයාගත් අවස්ථා තියෙනවා.මුහුදු ජලයේ ටොන් පහක ප්‍රමාණයක් තුළ රත්‍රරං මිලිග්‍රෑම් 1ක් සොයා ගැනීමේ හැකියාව තියෙනව කියලා අසන්නට ලැබෙනවා.

භූකම්පන මගින් රත්‍රරං නිපදවෙනවා.රත්‍රරං කියන්නෙ ආවර්තිතා වගුවෙ 79 වැනි මූලද්‍රව්‍යයි.මෙහි පරමාණුක සංඛේතය වෙන Au යන්න සෑදිලා තියෙන්නෙ ලතින් භාෂාවෙන් රත්‍රරං වලට කියන ඕරම් Aurum කියන වචනයෙන්.කාමර උෂ්ණත්වයේදී ඝණ ස්වභාවයෙන් තියෙන රත්‍රරං වල පරමාණුක භාරය 196.9665 වෙනවා.රන් වල ද්‍රවාංකය සෙන්ටිග්‍රේඩ් අංශක 1064.18 වෙනවා වගේම වාෂ්පාංකය සෙන්ටිග්‍රේඩ් අංශක 2850 වෙනවා.

රත්‍රරං වල පිරිසිදු බව මනින ඒකකය වෙන්නෙ කැරට්.කැරට් 24 කියලා කියන්නේ 99.95% පිරිසිදුම රත්‍රරං කියන එකයි.කැරට් 24 රත්‍රරං වල ශක්තිමත් බව අඩු නිසා ඒකට රිදී සහ තඹ යොදා ගැනීමෙන් ශක්තිමත් බව වැඩි කර ගන්නවා.කැරට් අගයෙන් අදහස් කරන්නේ මුළු ප්‍රමාණයෙන් එහි අන්තර්ගත වන රන් ප්‍රමාණය විසිහතරෙන් පංගුවක් ලෙසයි.කැරට් 1ක් ග්‍රෑම් 0.2ක බරකින් යුක්ත වෙනවා.රත්‍රරං කැරට් 24 (රත්‍රරං 99.95%), 22 (රත්‍රරං 91.7%), 18 (රත්‍රරං 75%), 14 (රත්‍රරං 58.5%) , 12 (රත්‍රරං 50%), 10 (රත්‍රරං 41.7%) වශයෙන් වගේම කහ, සුදු, රතු වශයෙනුත් රන් අලෙවිකරුවන්ගෙන් ලබාගැනීමේ හැකියාවක් තියෙනවා.මේ විදිහට රත්‍රරං වල පැහැයේ වෙනසට හේතු වෙන්නෙ නම් රත්‍රරං වලට අමතරව යොදා ගන්න අනෙකුත් ලෝහ වල ප්‍රතිශතය අනුවයි.

දැනට වාර්තා වන ඉතිහාසයට අනුව රත්‍රරං වල භාවිතය ක්‍රි.පූ. 4000 දක්වා අතීතයට දිවයනවා.මුලින්ම ඊජිප්තු වැසියන්ද පසු කාලයේදී මෙසපොතේමියාව, යුරෝපය ,ඉන්දියාව,චීනය ඇතුළු ආසියාවටද රන් භාවිතය පිළිබඳ දැනුම ව්‍යාප්ත වෙලා තියෙනවා.අතීතයේදී රත්‍රරං බහුල වශයෙන්ම යොදාගෙන තිබුණේ ආභරණ සාදන්න,කාසි හා පිළිම සාදන්න වගේ දේවල් වලටයි.

රන් අලේපිත භාණ්ඩ පහසුවෙන් දිරා යන්නේ නෑ.වාතයෙන් සිදුවන බලපෑමද අඩුයි.ඉතා බර ලෝහයක් උනත් තුනී වන ලෙස තලා ගෙන නම්‍යශීලී විදිහට යොදා ගැනීමේ හැකියාවත් තියෙනවා.ඒ වගේම හිරුගේ පාරජම්බුල කිරණ වලින් ආරක්ෂා කරනවා.වර්තමානයේ ලෝක රන් සැපයුමෙන් 80% ආසන්න ප්‍රමාණයක් යොදා ගන්නේ ස්වර්ණාභරන නිෂ්පාදනය සදහායි.ඉතිරිය ඉලෙක්ට්‍රොනික උපකරණ නිෂ්පාදනයට,වෛද්‍ය කටයුතු වලට,අභ්‍යාවකාශ උපකරණ සෑදීමට, රූපලාවණ්‍ය කටයුතු සදහා වගේම ආහාර පාන නිෂ්පාදනය සදහාත් යොදා ගනු ලබනවා.




හසිත අබේසිංහ

Popular posts from this blog

පැරණි ලෝකයේ ගංඟා නිම්න ශිෂ්ඨාචාර

මනස නිර්වින්දනය කිරීම

ඡත්ත මානවක ගාථා

කැමති අකමැති කවුරුත් මාමයිට් ගැන නොදත් කතාව

පෙරුම්කායම්