චේන් නැති අපේ කාලයේ බයිසිකලය

ශ්‍රී ලංකාවේ නගරබද දී පාපැදි භාවිතය තරමක් අඩු වුනත් ගම් ප්‍රදේශවල ජනප්‍රියම වාහනය වෙන්නේ පාපැදියයි.මුල් කාලයේ ප්‍රවාහනය සදහා පමණක් භාවිතා වුන බයිසිකලය වර්තමානය වන විට භාණ්ඩ ප්‍රවාහනයට,විනෝදයට වගේම ක්‍රීඩාව සදහාත් යොදා ගන්නවා.වර්තමානයේදී විවිධ හැඩයෙන් වගේම විවිධ තාක්ෂණයෙන් යුතු පාපැදි වෙළදපොළට පැමිණ තිබෙනවා.ලොව මුල්ම බයිසිකලය මීට අවුරුදු 300 පමණ පෙර නිපදවා ඇති බවයි විශ්වාසය.මෙම මුල්ම බයිසිකලය හදුන්වා ඇත්තේ "තනි රෝදය " යන නමින්.මෙයට ඒ නම ලබීමට හේතු වී ඇත්තේ රෝද දෙකක් තිබුණත් ඉදිරි පස රෝදය වඩාත් විශාල වීම හේතුවෙනුයි.මෙය තනිකරම ලීයෙන් නිපදවා තිබූ අතර ඒ සදහා පැඩලයක් තිබී නැහැ.මෙය පැදයාම අපහසු කටයුත්තක් වූ නිසාම එකල ජනයා අතර එතරම ජනප්‍රිය වී නැහැ.පසු කාලයේදී මෙයට පැඩලයක්ද සහිතව සුව පහසු ආකාරයෙන් නිර්මාණය වෙලා තියෙනවා.පාපැදියක් නිර්මාණය සම්බන්ධයෙන් මුල් වරට පේටන් බලපත්‍රයක් ලබාගෙන ඇත්තේ 1645 දී Jean the Son යන අයෙක් විසිනුයි.

වර්තමානය වන විට චේන් නොමැති පාපැදි නිපදවා තියෙනවා.මේ කියන්න යන්නේ ලෝකයේ විශාලම පාපැදි ප්‍රදර්ශනය වෙන 2018 වසරේ ජර්මනියේ පැවැත්වූ "Eurobike" වෙළද ප්‍රදර්ශනයේදී තරගකරුවන් 366 අතුරින් ජයග්‍රහනය හිමිකර ගත් "CeramicSpeed" කියන පාපැදිය ගැනයි.මේකේ විශේෂත්වය වෙන්නේ පාපැදියෙ චේන් එක වෙනුවට එළවුම් දණ්ඩක් "Drive Shift" යොදාගෙන තිබීමයි.මීට පෙරත් විවිධ නිෂ්පාදකයන් එළවුම් දඩු ක්‍රමය අත්හදා බැලීම් කර තිබුණත් ඒවායේ කාර්යක්ෂමතාවය අවම මට්ටමක පැවතුන නිසා ප්‍රසිද්ධියට පත්වුනේ නැහැ.නමුත් මේ "CeramicSpeed" කියන පාපැදියේ ධාවන පද්ධතිය චේන් වල කාර්යක්ෂමතාවයට වඩා වැඩි මට්ටමක පවතින බවයි සදහන් වෙන්නේ.මෙහිදී ඇති කරන ඝර්ෂණය සාමාන්‍ය පාපැදියක චේන් වලින් හා ගියර් පද්ධතියෙන් ඇති කරන ඝර්ෂණයට වඩා 49% අඩුයි.මෙහි එළවුම් පද්ධතිය ගියර 13 කින් යුක්ත වෙනවා.මෙම එළවුම් පද්ධතිය නිපදවා තියෙන්නේ කොලරාඩෝ සරසවියේ යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්ථමේන්තුවේ පර්යේෂකයන් පිරිසකගේ දායකත්වයෙන්.කාබන් වලින් සකස්කරන ලද එළවුම් දණ්ඩක් සහිත මේ නව පද්ධතිය නිසා පාපැදියට වාතය මගින් සිදුකරන ඝර්ෂණ බලපෑම අඩු වන අතරම, පාපැදියේ බර අඩු කර ගැනීමටද පරේක්ෂකයන් සමත් වෙලා තියෙනවා.තවමත් පරේක්ෂණ මට්ටමේ පවතින මෙය නුදුරු අනාගතයේදිම වෙළදපලට පැමිනෙනවා ඇති.


Popular posts from this blog

පැරණි ලෝකයේ ගංඟා නිම්න ශිෂ්ඨාචාර

මනස නිර්වින්දනය කිරීම

ඡත්ත මානවක ගාථා

කැමති අකමැති කවුරුත් මාමයිට් ගැන නොදත් කතාව

පෙරුම්කායම්