ප්ලාස්ටික් වතුර බෝතල් ගැන දැන ගනිමු

අපි කොයිකවුරුත් මගතොටදි තිබහට ළඟම තියෙන කඩේකින් ප්ලාස්ටික් වතුර බෝතලයක් අරගෙන බොන්න පුරුදු වෙලා තියෙනවනේ.හැබැයි ඉතින් මේ විදිහට ඇසුරුම් කරලා තියෙන හැම වතුර බෝතලයක්ම බීමට සුදුසු වෙන්නෙ නම් නෑ.මං මෙතනදි කියන්න යන්නේ ප්ලාස්ටික් වතුර බෝතලයක් මිලදී ගන්නකොට සැලකිල්ල දක්වන්න ඕනෙ කරුණු කීපයක් ගැන.

පානීය ජලය ඇසුරුම් කිරීම සඳහා යොදාගන්න බෝතලය සඳහා වගේම පානීය ජලය සදහාත් ශ්‍රී ලංකා ප්‍රමිති සහතිකය ඒ කියන්නෙ SLS ලබාගැනීම අනිවාර්යය වෙනවා.ඇසුරුම් කරන ලද පානීය ජලය සදහා SLS 894 සහතිකය වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචියත් අනිවාර්ය වෙනවා.ඒ වගේම එම ජලය ඇසුරුම් කරන්න යොදා ගන්න පොලිමර් ද්‍රව්‍යයන්ගෙන් හදපු බෝතල් ඇසුරුම් සදහා SLS 1336 ලබාගෙන තිබීම අනිවාර්ය වෙනවා.මේ කියපු දේවල් බෝතලයේ සදහන් වෙලා තියෙනවද කියල මුලින්ම බලන්න. 

ඊළගට ප්ලාස්ටික් බෝතලය යට තියෙන ත්‍රිකෝණ ලාංජනයට අවධානය යොමු කරන්න වෙනවා.මේ ත්‍රිකෝණ ලකුණෙන් අදහස් වෙන්නේ එම බෝතලය නිෂ්පාදනය කරලා තියෙන ප්ලාස්ටික් විශේෂය මොකක්ද කියන එක ගැනයි.

ත්‍රිකෝණ ලකුණත් එක්ක PET1/PETE සටහන්ව තියෙන කොට අදහස් වෙන්නේ මේ ජාතියෙ බෝතල් එක් වරක් පමණක් භාවිතයට ගන්න පුළුවන් කියන එකයි.මේ වගේ බෝතල් ඔක්සිජන් සහිත වාතයට හෝ හිරු එළියට නිරාවරණය වූ විට අහිතකර විෂ රසායනික ද්‍රව්‍ය බෝතලය වෙත මුදාහැරීමක් සිද්ධ වෙනවා.මේ නිසා මේ වගේ බෝතල් එකවරක් පමණක් භාවිතයට ගැනීමෙන් පස්සෙ ඉවත් කරන්න.ඒ වගේම වාහන වල , වෙනයම් රත්වෙන තැනක හෝ කෙලින්ම හිරුඑළියට නිරාවරණය වෙලා තියෙන බෝතල් භාවිතයට ගන්න එපා.

ත්‍රිකෝණ ලකුණ තුළ 3,6 සහ 7 ආදී වශයෙන් සටහන්ව ඇති ප්ලාස්ටික් බෝතල් පරිහරනයෙන්ද වලකින්න.මේවායේ ඇති විෂ රසායනික ද්‍රව්‍ය නිසා දිගු කාලීන සෞඛ්‍ය ගැටළු ඇති වීමේ හැකියාවක් තියෙනවා.කෙටියෙන්ම කිව්වොත් මේ නිසා පිළිකා ඇතිවීමේ අවධානමක් තියෙනවා.

“2” High Density Polyethylene, “4” Low Density Polyethylene, “5” Polypropylene සලකුණ සහිත ප්ලාස්ටික් බෝතල් භාවිතයට සුදුසු වෙනවා.මෙසේ සුදුසු වන්නේද සිසිල් ජලය ගබඩා කර ඇතිවිටදී පමණයි.ඒ වගේම එහි ඇති ජලය නිතර මාරු කළයුතු වෙනවා.ඒවගේම මේ වගේ බෝතල් වල බැක්ටීරියා තත්වයන් ඇති විය හැකි නිසා නිතර සේදීමද කළ යුතු වෙනවා.දැන් ඉතින් මේ ලිපිය පුරාවටම අපි කතා කරපු දැනුම ප්‍රායෝගිකව යොදාගන්න උත්සහ කරන්න.



හසිත අබේසිංහ

Popular posts from this blog

පැරණි ලෝකයේ ගංඟා නිම්න ශිෂ්ඨාචාර

මනස නිර්වින්දනය කිරීම

ඡත්ත මානවක ගාථා

කැමති අකමැති කවුරුත් මාමයිට් ගැන නොදත් කතාව

පෙරුම්කායම්