රාජාලියාගෙන් පාඩමක්

රාජාලියෙක් සාමාන්‍යයෙන් අවුරුදු 70ක් විතර ජීවත් වෙනවා.මේ විදිහට අවුරුදු 70 ජීවත් වෙන්න නම් ඌට අවුරුදු 40 විතර වෙනකොට දැඩි වගේම වේදනාකාරී තීරණයක් ගන්න සිද්ධ වෙනවා.

ඒ මොකක්ද දන්නවද ඒ තීරණය.රාජාලියෙකුගේ වයස අවුරුදු 40ක් විතර වෙන කොට එයාගේ තියුණු හොට වැඩිලා වක් වෙනවා.එතකොට කෑම කන්න අමාරු වෙනවා.නියපොතු වැඩිලා ඉදිරියට නැමිලා ගොදුරු ඩැහැගන්න බැරි වෙනවා.පිහාටු වල ගණකම වැඩි වෙලා ඒවා පපු ප්‍රදේශයට ඇලෙනවා.එතකොට පියාඹන්න අමාරු වෙනවා.මේ වෙනකොට රාජාලියාට ගත හැකි තීරණ දෙකයි ඉතුරු වෙන්නේ.එකක් තමයි මේ සිද්ධ වෙන දේවල් එහෙම්මම වෙන්න දීලා මිය යන එක.අනිත් තීරණය තමයි වේදනාකාරී දින 150 ක උපවාස කාලයක් ගෙවන එක.ඒක කරන්නෙ මෙහෙමයි.උස් ගල් තලාවක් උඩට ගිහින් හොට ගෙවෙනකම් ගලක තුල්ලනවා,නියපොතු ටික කඩා දානවා.තව ටික දවසක් ඉන්න වෙනවා හොටයි නියපොතුයි වැඩෙනකන්.ඊට පස්සෙ හොටයි නියපොතුයි පාවිච්චි කරලා එයාගෙ පිහාටු සේරම ගලවනවා.මෙයගේ හොට නියපොතු වගේම පිහාටු සේරම වැඩෙන්න දවස් 150 යනවා.මේ දවස් 150ක කාලය තුල මෙයාට නිරාහාරව උපවාස කාලයක් ගත කරන්න සිද්ධ වෙනවා.මේ විදිහට අපහසුවෙන් ගෙවපු දින 150 කට පස්සෙ මෙයා අළුත් ජීවිතයකට එන්නෙ තවත් අවුරුදු 30 ක් ජීවත් වෙන්න ශක්තියත් අරගෙනමයි.

අපිටත් අළුත් ජීවිතයකට යන්න දුෂ්කර කාල වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.ඒ වගේ වෙලාවල් වලට මොන කට්ට කන්න වුනත් බය නැතුව මුහුණ දෙන්න.හරියට රාජාලියා තමන්ගෙ ජීවිතේ අමාරුම කාලයට මුහුණ දෙනව වගේ.අපිටත් අපේ ඉදිරි ජීවිතයට අවශ්‍ය ඉවසීම,හැකියාවන් වගේම ඉදිරි ජීවිතයට අවශ්‍ය කරන ශක්තිය ලබා ගන්න පුළුවන් වෙන්නෙ මේ කාලවලදි ලබාගන්න අත්දැකීම් නිසයි.


හසිත අබේසිංහ

Popular posts from this blog

පැරණි ලෝකයේ ගංඟා නිම්න ශිෂ්ඨාචාර

මනස නිර්වින්දනය කිරීම

ඡත්ත මානවක ගාථා

කැමති අකමැති කවුරුත් මාමයිට් ගැන නොදත් කතාව

පෙරුම්කායම්