සමාජයේ පුද්ගලයන් තේරුම් ගැනීමේදී සිදු කරන පොදු වැරදි



  • ගතානුගතික බව
කණ්ඩායමක ගති ලක්ෂණ පුද්ගලයෙකුට ආරෝපනය කිරීම මෙහිදී සිදු වේ.මෙහිදී පුද්ගලයාගේ ගති නොව කණ්ඩායමේ ගති ගුණ පුද්ගලයාට ආරෝපනයක් සිදු කරනු ලබයි.

උදාහරණයක් විදිහට මෙහෙම හිතමුකො. කොපමණ නරක ගති ඇතෙකු වුවත් ප්‍රසිද්ධ පාසලක අධ්‍යාපනය ලැබූවෙකු නම් ඔහුත් හොද අයෙකු ලෙස පිළිගැනීම දක්නට පුළුවනි.මෙහිදී පාසලේ කීර්තිනාමය ඔහුට ආරෝපනය කරයි.මෙය අපි අනෙක් අයව තේරුම් ගැනීමේදී සිදු කරන පොදු වැරැද්දකි.

  • එක් ලක්ෂණයක් පිළිබදව පමණක් සැලකීම
ලක්ෂණ කිහිපයකින් පුද්ගලයෙකුගේ සමස්ථය දැකීම මෙහිදී සිදු වේ.බොහෝ වෙලාවට පුද්ගලයෙකුගේ ප්‍රථම හමුවකදී ලක්ෂණ කිහිපයක් දෙස බලා ඔහුගේ සමස්ථය තීරණය කිරීමට බොහෝ දෙනා පෙළඹේ.

  • තෝරාගත් සංජානනය
අකමැති තොරතුරු ඉවත දමා කැමති දේට අවධානය දැක්වීම මෙහිදී සිදු වේ.උදාහරණයක් ලෙස කෙනෙකුගේ කේන්තියන ගතිය අකමැති නිසා වෙන් ඔහුගේ අහිංසක කම ,සත්‍යවාදී බව යන අනෙකුත් ආකර්ශනීය ගතිගුණ කෙරෙහි පමණක් අවධානය යොමු කිරීම දැක්විය හැකියි.

  • ප්‍රක්ෂේපනය
තමන්ගේ ගති ලක්ෂණ අන් අය තුළින් අපේක්ෂා කිරීම මෙහිදී සිදු වේ.උදා: තමන් සත්‍යවාදී කියා එම ගතිගුණය අනෙක් අයගෙන්ද බලා පොරොත්තු වීම දැක්විය හැක.

  • තාවකාලික තත්වය දිගටම පවතී යැයි සිතීම.
මුලින් ඇතිවූ හැගීම දිගටම අපේක්ෂා කිරීම මෙහිදී සිදු වේ.උදා: අහිංසක අයෙකු යැයි මුලින් හැගුන අයෙකු ටික දිනකින් එසේ නොවන බව දැනගත්තද පළමු හැගීමම දිගටම අපේක්ෂා කිරීම සිදුවේ.මිනිසුන් සැමදා එකම විදිහට සිටිය යුතුයැයි අපේක්ෂා කිරීම වැරදිය.

  • සංජානනමය සංර්ක්ෂණය
තමන්ට තර්ජනයක් වන තොරතුරු විකෘති කිරීම හෝ මග හැරීම මෙහිදී සිදු වේ.

  • අන්තවාදී දැක්ම
පුද්ගලයෙක් අන්තවාදීව ධනාත්මක හෝ සෘණාත්මකව අගය කිරීම මෙහිදී සිදු වේ.අන්තවාදීව මිනිසුන්ව තේරුම් ගැනීම එතරම් සුදුසු ක්‍රමයක් නොවේ.උදා: පුද්ගලයෙක් සර්ව සුභවාදියෙකු නොවුවත් ඔහු එසේ අන්‍යයන් ඉදිරියේ හැසිරේ.එවැනි කෙනෙක් ගැන කරුණු විමසා තීරණයකට එළඹීම වෙනුවට අන්තවාදී ලෙස ඔහු සර්ව සුභවාදියෙක් ලෙස දැඩිව පිළිගන්නා තත්වයක් දැක්විය හැක.

  • සරලව දැකීම
නිතරම සෑම දෙයක්ම සාමාන්‍ය දෙයක් ලෙස අගය කිරීම මෙහිදී සිදු වේ.

  • ආසන්න ඵලය
ආසන්න සිද්ධිය මත පදනම්ව තීරණ ගැනීම මෙහිදී සිදු වේ.අතීතය අමතක කොට මෑතක දී සිදු වූ සිදුවීම් මත පදනම්ව මිනිසුන්ව මැනිනු ලැබීම මෙයින් අදහස් වේ.

  • සන්සන්දන ඵලය
වෙනත් අය සමග සන්සන්දනය කර තීරණ ගැනීම මෙහිදී සිදු වේ.

  • තමන් කැමති දෙය පළමුව අපේක්ෂා කිරීම
අපි බලාපොරොත්තු වන්නේ අපේ මට්ටමෙන් සියල්ල සිදුවිය යුතු බවයි.උදා: ගෙදර දරුවා විභාගයෙන් අසමත් වී අල්ලපු ගෙදර දරුවා විභාගයෙන් සමත් වූ විට Upset වීම දැක්විය හැකියි.මීට හේතුව වන්නේ හැම විටම තම දරුවා අන්‍යයන්ට වඩා ඉදිරියෙන් සිටිනු දැකීමට අප අපේක්ෂා කරන නිසාවෙනුයි.


සමාජයේ විවිධ පුද්ගලයන්ව තේරුම් ගැනීමට යාමේදී ඉහතින් සදන් කළ අපි කවුරු අතිනුත් සිදුවන පොදු වැරදි මගහරවාගෙන කටයුතු කිරීමට ඉටා ගනිමු.



හසිත අබේසිංහ

Popular posts from this blog

පැරණි ලෝකයේ ගංඟා නිම්න ශිෂ්ඨාචාර

මනස නිර්වින්දනය කිරීම

ඡත්ත මානවක ගාථා

කැමති අකමැති කවුරුත් මාමයිට් ගැන නොදත් කතාව

පෙරුම්කායම්