ඉතිහාසය හැදින ගමු

ඉතිහාසය කියන්නෙ මොකක්ද කියලා සරලව කියනවනම්,අතීතයේ ජීවත්වූ මිනිසුන් ගැන තොරතුරු සොයා බලා ඒවා පැහැදිලි කරගැනීමයි.

ඉතිහාසය ගැන දැනුම ලබා ගැනීමට උපයෝගී කර ගන්නා සෑම දෙයක්ම මූලාශ්‍ර වශයෙන් හදුනාගත හැකියි.අතීතයේ ජීවත් වූ මිනිසුන් පරිහරණය කරන ලද දැනට ඉතිරි වී ඇති භාණ්ඩ,පැරණි පොත් පත්,ජනකතා,පැරණි ගොඩනැගිලි,ලෙන් ලිපි වගේ දේවල් ඉතිහාසය හැදෑරීමේදී මූලාශ්‍ර වශයෙන් භාවිතා කරන්න පුළුවන්.

අතීතයේදී සිදුවුන දේ අවසන් වෙලා තිබුණත් ඒවා මගින් අපට දෙන පණිවිඩය වර්තමානය වගේම අනාගතය වඩා යහපත් කර ගැනීමට ප්‍රායෝගිකව යොදාගැනීමේ හැකියාව පවතිනවා.අපිට ඉතිහාසයෙන් පාඩම් ඉගෙනගෙන වඩා පහසුවෙන් මෙන්ම නිවැරදිව අනාගතය සැලසුම් කිරීමේ හැකියාව පවතිනවා.

ඉතිහාසයේ විවිධ සිදු වීම් අයත් කාලය මැනීමේ ක්‍රම ගණනාවක් තිබුණත් වර්තමානය වන විට බහුලවම භාවිතා වෙන්නේ ක්‍රිස්තු පූර්ව සහ ක්‍රිස්තු වර්ෂ යන ක්‍රම දෙකයි.ක්‍රිස්තුස් වහන්සේ උප්පත්තිය සිදුවීමට පෙර කාලය ක්‍රිස්තු පූර්ව ලෙසත්,ක්‍රිස්තුස් වහන්සේගේ උප්පත්තියෙන් පසු කාලය ක්‍රිස්තු වර්ෂ ලෙසත් හදුන්වනවා.ක්‍රිස්තුස්වහන්සේගේ උප්පත්තිය සිදු වූ වර්ෂය ක්‍රි.ව.1 ලෙසත් ඊට පෙර වර්ෂ ක්‍රි.පූ.1 ලෙසත් සලකනු ලබනවා.වසර 525 දී ක්‍රිස්තු වර්ෂ දින ක්‍රමය සකස් කෙරුණත් එය ප්‍රචලිත වී භාවිතය සිදුවන ලද්දේ 8 වන සියවසෙන් පසුවයි.මෙම ක්‍රමය යුරෝපයේ සාමාන්‍ය භාවිතයක් බවට පත්වුනේ 11 වන සියවසෙන් පසුවයි.

ක්‍රිස්තු වර්ෂ වලට අමතරව ,බුදුරජාණන් වහන්සේගේ මහා පරිණිර්වානය පදනම් කරගෙන බුද්ධ වර්ෂ ක්‍රමයත් (ක්‍රි.පූ.544 සිදුවූ බව සාමාන්‍ය පිළිගැනීම වුවද මේ සදහා නොයෙකුත් මතවාද පවතී.), හින්දු දින දර්ශනය උපයෝගී කරගෙන ශක වර්ෂ ක්‍රමයත් (ඉන්දියාවේ බටහිර ප්‍රදේශය පාලනය කල ගෞතමීපුත්‍ර සාතකර්ණී රජු මෙම වර්ෂ ක්‍රමය ආරම්භ කරන ලද්දේ ශකවරුන් පරදා ඔහු එම ප්‍රදේශය ජයග්‍රහණය කිරීම සිහි කිරීම පිණිසයි.), මුස්ලිම්වරුන්ගේ හිජ්රි වර්ෂ ක්‍රමයත් (ඉස්ලාම් ආගමේ නායකයා වූ මහම්මත්තුමා මක්කම සිට මදීනා නගරයට පැමිණි වර්ෂයයි.ක්‍රි.ව. 622 දී) විවිධ අවස්ථා වලදී භාවිතයට ගන්නා ලදී.






හසිත අබේසිංහ




Popular posts from this blog

පැරණි ලෝකයේ ගංඟා නිම්න ශිෂ්ඨාචාර

මනස නිර්වින්දනය කිරීම

ඡත්ත මානවක ගාථා

කැමති අකමැති කවුරුත් මාමයිට් ගැන නොදත් කතාව

පෙරුම්කායම්