පැරණි ලෝකයේ ගංඟා නිම්න ශිෂ්ඨාචාර

මානව පරිණාමයේ ඉතාමත් වැදගත් අවස්ථාවක් වන්නේ ශිෂ්ඨාචාර ගත වීමයි.ශිෂ්ඨාචාරයක් කියලා කියන්නේ යහපත් ගති පැවතුම් නැත්නම් දියුණු සභ්‍යත්වයක් ඇති කරගැනීමයි.වනචාරී ජීවිතයෙන් මිදී සභ්‍යත්වයක් ඇතිකරගත් මිනිසා ස්ථාවර වාසස්ථාන වල විසීමටත්,සත්ව පාලනය,ගොවිතැන,වෙළදාම් කිරීම,නගර පිහිටු වීම සහ ඒ ඒ ප්‍රදේශයට ආවේනික පාලන තන්ත්‍රයක් ඇති කර ගැනීමත් සුවිශේෂී වෙනවා.මුලින්ම ලෝකයේ ප්‍රධාන ගංඟා නිම්න හතරක් ආශ්‍රය කරගෙන ශිෂ්ඨාචාර බිහි වුණා කියලා හිතන්න පුළුවන් සාක්ෂි සාධක හමුවෙලා තියෙනවා.


ඉහතින් දැක්වෙන සිතියමෙන් ප්‍රධාන ශිෂ්ඨාචාර හතර දැක ගත හැකියි.


යුප්‍රටීස් ටයිග්‍රීස් ( ඉරාකය ) ක්‍රි.පූ. 3500 - 1500

නයිල් නිම්න ( ඊජිප්තුව / මිසරය ) ක්‍රි.පූ. 3100 - 1070

ඉන්දු නිම්න ( පකිස්තානය ) ක්‍රි.පූ. 2500 - 1500

හොවැංහෝ නිම්න ( චීනය ) ක්‍රි.පූ. 1700 - 1000

මෙලෙස ගංඟා නිම්න ආශ්‍රිතව බිහි වූ ශිෂ්ඨාචාර හතරම බොහෝ දුරට සමකාලීන වකවානු වලදී ඇති වූ බව සැලකිය හැකියි.

ගංඟා නිම්න ආශ්‍රිතව ශිෂ්ඨාචාර බිහිවීමට හේතු වූ ප්‍රධාන සාධක කිහිපයක් හදුන ගන්න පුළුවන්.

ජලය - මනුෂ්‍යයන්ට සහ සත්වයන්ට බීමට අවශ්‍ය ජලය පහසුවෙන් සපයාගැනීමටත්, ගොවිතැන සදහා අවශ්‍ය ජලය වගේම වෙනත් ජල අවශ්‍යතාවයන් පහසුවෙන් සපුරා ගැනීමට හැකිවීම නිසාත් ආදී මානවයා ගංගාවල් ආශ්‍රිතව පදිංචි වූහ.

සරු පස - අවුරුද්දේ එක එක කාල වලදී ඇති වූ මහ වර්ෂාවත් සමගම ගංගා පිටාර ගලා, වතුරත් සමග රොන්මඩ ගංගා දෙපස තැන්පත් වීමේන් වගා කිරීමට සුදුසු සාරවත් පසක් ගංගා දෙපස නිරන්තරයෙන් නිර්මාණය විය.

ප්‍රවාහන සහ ගමනාගමන පහසුකම් - අද මෙන් දියුණු ප්‍රවාහන ක්‍රමයක් නොතිබුනු එකල වැඩි භාණ්ඩ ප්‍රමාණයක් සහ මිනිසුන් ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීම සදහා කුඩා ජල යාත්‍රා යොදා ගන්නා ලදී.මේ නිසාද ගංගාවට කිට්ටුවෙන් ජීවත් වීම ආදී මානවයාට පහසුවක් විය.



හසිත අබේසිංහ

Popular posts from this blog

ඡත්ත මානවක ගාථා

මනස නිර්වින්දනය කිරීම

කැමති අකමැති කවුරුත් මාමයිට් ගැන නොදත් කතාව

පෙරුම්කායම්