ජර්මනියේ හයිඩ්‍රජන් දුම්රිය

ගොඩබිමින් වැඩිම මගීන් පිරිසකට එකවර පහසුවෙන් ගමන් කළ හැකි ප්‍රවාහන සේවය වෙන්නෙ දුම්රියයි.අපේ රටේ නම් දුම්රිය සේවය එතරම් දියුණු මට්ටමක නැති බව ඔයාලට අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ.අපේ රටේ 1864 දී කොළඹ සිට අඹේපුස්ස දක්වා (54km) ඉදිකර ප්‍රථමයෙන් දුම්රිය ධාවනය කළ බව සදහන්.අපේ රටේ සාමාන්‍යයෙන් දිනකට ලක්ෂ තුනක් විතර දුම්රිය තම අවශ්‍යතා සදහා භාවිතා කරනවා .වර්තමානයේ අපේ රටේ බහුලවම භාවිතා වෙන්නෙ ඩීසල් එන්ජින් සහ බලවේග කට්ටලයි.මේ ඩීසල් එන්ජින් සහිත දුම්රියන් නිසා විශාල පරිසර දූෂණයක් වෙනවා .විදුලි දුම්රිය වල මේ තත්වය අවම වුණත් දුම්රිය මාර්ග අවට අට්ටාල ගැසීමට සිදුවීම නිසා පරිසරය අවලස්සන වෙනවා.ඒ වගේම වියදමත් අධිකයි.අපේ රටේ තවමත් විශේෂ අවස්ථා වලදී පාවිච්චියට ගැනෙන වාශ්ප එන්ජින් නිසාත් පරිසරය දූෂණය වීමක් සිද්ධ වෙනවා.

වාතය, ශබ්දය, වගේම අවට පරිසරය දූෂණය වීම වැලැක්වීමට විසදුමක් ලෙස දුම්රිය නිෂ්පාදනයේ පුරෝගාමී සමාගමක් වන ප්‍රංශයේ Alstom ආයතනය ජර්මනිය වෙනුවෙන් පරිසර හිතකාමී දුම්රියක් ලොකයේ ප්‍රථම වරට මෑතකදී නිපදවා,භාවිතය සදහා යොදාගෙන තිබූණා.මේ දුම්රිය ධාවනය වන්නේ හයිඩ්‍රජන් වලින්.මේ දුම්රියේ හැඩයත් බැලූ බැල්මට ඩීසල් දුම්රියට සමානයි.හයිඩ්‍රජන් භාවිතය නිසා මෙය පරිසරයට හිතකාමියි.Fuel cell එකක් මගින් හයිඩ්‍රජන් සමඟ වාතයේ ඔක්සිජන් ප්‍රතික්‍රියාවෙන් සෘජුවම විදුලිය ලබාගන්නවා.මේ නිසා කාර්යක්ෂමතාවයෙන්ද ඉහළයි.මේ දුම්රියේ පිටාර වායුව වෙන්නේ ජල වාෂ්ප විතරයි.විදුලි බලයෙන් ජලය විද්‍යුත් විච්චේදනය කරලා ඕනෑම තැනක හයිඩ්‍රජන් නිපදවන්නත් පුළුවන් නිසා මෙය ඉතාම ලාභදායී ක්‍රමයක් වෙනවා.

මෙම දුම්රිය වැඩකරන්නේ කොහොමද කියනවනම් ,හයිඩ්‍රජන් දුම්රියේ උඩ ටැංකියක සිට Fuel cells තිබෙන ටැංකියක් වෙත ගමන් කරවනවා.තවත් ටැංකියකින් වාතයේ ඇති ඔක්සිජන් ලබා ගන්නා අතර ඊට පසු රසායනික ක්‍රියාවලියක් මගින් බලය නිපදවනු ලබනවා.මෙලෙස නිපදවෙන විදුලි බලය යම් හෙයකින් දුම්රිය ධාවනයට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි වුනහොත් එම අතිරික්ත විදුලිය දුම්රියේ පිහිටි බැටරියක් තුළ ගබඩා වෙනවා..මිනිත්තු 15 ක් හයිඩ්‍රජන් පිරවීමෙන් පසු සැතපුම් 600 කට වැඩි දුරක් දුම්රිය ගමන් කරවීමේ හැකියාව පවතිනවා.ඒ වගේම පැයට 140 Km වේගයකින් ධාවනය කිරීමේ හැකියාවත් පවතිනවා.

සාමාන්‍යයෙන් Hydrogen Fuel Cell එකක් වැඩ කරන විදිහ පැහැදිලි වෙන්න මං ඇදපු රෑප සටහනක් පහළින් දැම්මා.බලන්නකො ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙයිද කියලා.

H2 : Hydrogen

H+ : Proton

e- : Electron

O2 : Oxygen

H2O : Water




හසිත අබේසිංහ

Popular posts from this blog

පැරණි ලෝකයේ ගංඟා නිම්න ශිෂ්ඨාචාර

මනස නිර්වින්දනය කිරීම

ඡත්ත මානවක ගාථා

කැමති අකමැති කවුරුත් මාමයිට් ගැන නොදත් කතාව

පෙරුම්කායම්