Posts

Showing posts from February, 2020

වලස් මාමා

Image
පවුල් ජීවිතයක සැබෑ තතු අපි පුංචි කාලෙදි කියාදීපු කාටූන් එකක් තමයි ඒ කාලේ රූපවාහිනියේ විකාශය වුණු වලස් මාමා කියන කාටූන් එක.මේ කාටුන් පෙලෙන් අපි කාටත් ඉගෙන ගන්න ගොඩක් දේවල් තිබුනා.ඒ වගේම තමයි මේකේ තේමා ගීතයත් හරිම අර්ථවත්.මේ ගීතය ගායනා කරන්නේ රෝහණ බෝගොඩ මහත්මයා. මාමා වලස් මාමා නැන්දා වලස් නැන්දා // කවුරුද කවුරුද රණ්ඩු කර්න්නේ නැන්දයි මාමායි රණ්ඩු කරන්නේ මොකටද මොකටද රණ්ඩු කරන්නේ වැඩකට නැතිවලු ගහ බැණගන්නේ // දෙන්නා දෙමල්ලෝ රණ්ඩු කරන්නේ අහල පහළ මැසි වට වෙන්නේ ගේ දොර දියුණුව කඩා වැටෙන්නේ // එ නිසා සමගිව වැඩ කරපන්නේ //// හසිත අබේසිංහ

ලෝකෙටම වටින රත්‍රරං

Image
රත්‍රරං කියන්නෙ ඈත අතීතයේ ඉදන්ම යුග යුග ගනන් ප්‍රචලිත වෙමින් පැවතගෙන එන වටිනා කියන ලෝහයක්.මෙහි ඇති දිලිසෙන ගුණය නිසාවෙන් වටිනාකම නොනැසී පැවත ගෙන එනවා. ලෝකයේ රන් ආකර වලින් තුනෙන් දෙකක්ම පිහිටලා තියෙන්නෙ දකුණු අප්‍රිකාවේ.ඒ වගේම රුසියාව ,කැනඩාව,ඇමරිකාව සහ ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයෙන් විශාල රන් නිධි හමුවෙනවා.තවත් දෙයක් තමයි ලෝකයේ බොහොමයක් ප්‍රදේශ වල පොළව අභ්‍යන්තරයෙන්,ජලයේ යම් ද්‍රව්‍යයන් සමග මිශ්‍රවී හමුවෙන අවස්ථා වගේම මුහුදු ජලයෙනුත් සොයාගත් අවස්ථා තියෙනවා.මුහුදු ජලයේ ටොන් පහක ප්‍රමාණයක් තුළ රත්‍රරං මිලිග්‍රෑම් 1ක් සොයා ගැනීමේ හැකියාව තියෙනව කියලා අසන්නට ලැබෙනවා. භූකම්පන මගින් රත්‍රරං නිපදවෙනවා.රත්‍රරං කියන්නෙ ආවර්තිතා වගුවෙ 79 වැනි මූලද්‍රව්‍යයි.මෙහි පරමාණුක සංඛේතය වෙන Au යන්න සෑදිලා තියෙන්නෙ ලතින් භාෂාවෙන් රත්‍රරං වලට කියන ඕරම් Aurum කියන වචනයෙන්.කාමර උෂ්ණත්වයේදී ඝණ ස්වභාවයෙන් තියෙන රත්‍රරං වල පරමාණුක භාරය 196.9665 වෙනවා.රන් වල ද්‍රවාංකය සෙන්ටිග්‍රේඩ් අංශක 1064.18 වෙනවා වගේම වාෂ්පාංකය සෙන්ටිග්‍රේඩ් අංශක 2850 වෙනවා. රත්‍රරං වල පිරිසිදු බව මනින ඒකකය වෙන්නෙ කැරට්.කැරට් 24

ප්ලාස්ටික් වතුර බෝතල් ගැන දැන ගනිමු

Image
අපි කොයිකවුරුත් මගතොටදි තිබහට ළඟම තියෙන කඩේකින් ප්ලාස්ටික් වතුර බෝතලයක් අරගෙන බොන්න පුරුදු වෙලා තියෙනවනේ.හැබැයි ඉතින් මේ විදිහට ඇසුරුම් කරලා තියෙන හැම වතුර බෝතලයක්ම බීමට සුදුසු වෙන්නෙ නම් නෑ.මං මෙතනදි කියන්න යන්නේ ප්ලාස්ටික් වතුර බෝතලයක් මිලදී ගන්නකොට සැලකිල්ල දක්වන්න ඕනෙ කරුණු කීපයක් ගැන. පානීය ජලය ඇසුරුම් කිරීම සඳහා යොදාගන්න බෝතලය සඳහා වගේම පානීය ජලය සදහාත් ශ්‍රී ලංකා ප්‍රමිති සහතිකය ඒ කියන්නෙ SLS ලබාගැනීම අනිවාර්යය වෙනවා.ඇසුරුම් කරන ලද පානීය ජලය සදහා SLS 894 සහතිකය වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචියත් අනිවාර්ය වෙනවා.ඒ වගේම එම ජලය ඇසුරුම් කරන්න යොදා ගන්න පොලිමර් ද්‍රව්‍යයන්ගෙන් හදපු බෝතල් ඇසුරුම් සදහා SLS 1336 ලබාගෙන තිබීම අනිවාර්ය වෙනවා.මේ කියපු දේවල් බෝතලයේ සදහන් වෙලා තියෙනවද කියල මුලින්ම බලන්න.  ඊළගට ප්ලාස්ටික් බෝතලය යට තියෙන ත්‍රිකෝණ ලාංජනයට අවධානය යොමු කරන්න වෙනවා.මේ ත්‍රිකෝණ ලකුණෙන් අදහස් වෙන්නේ එම බෝතලය නිෂ්පාදනය කරලා තියෙන ප්ලාස්ටික් විශේෂය මොකක්ද කියන එක ගැනයි. ත්‍රිකෝණ ලකුණත් එක්ක PET1/PETE සටහන්ව තියෙන කොට අදහස් වෙන්නේ මේ ජාතියෙ බෝතල් එක් වරක් පමණක් භාවිතය

පැරණි ලෝකයේ ගංඟා නිම්න ශිෂ්ඨාචාර

Image
මානව පරිණාමයේ ඉතාමත් වැදගත් අවස්ථාවක් වන්නේ ශිෂ්ඨාචාර ගත වීමයි.ශිෂ්ඨාචාරයක් කියලා කියන්නේ යහපත් ගති පැවතුම් නැත්නම් දියුණු සභ්‍යත්වයක් ඇති කරගැනීමයි.වනචාරී ජීවිතයෙන් මිදී සභ්‍යත්වයක් ඇතිකරගත් මිනිසා ස්ථාවර වාසස්ථාන වල විසීමටත්,සත්ව පාලනය,ගොවිතැන,වෙළදාම් කිරීම,නගර පිහිටු වීම සහ ඒ ඒ ප්‍රදේශයට ආවේනික පාලන තන්ත්‍රයක් ඇති කර ගැනීමත් සුවිශේෂී වෙනවා.මුලින්ම ලෝකයේ ප්‍රධාන ගංඟා නිම්න හතරක් ආශ්‍රය කරගෙන ශිෂ්ඨාචාර බිහි වුණා කියලා හිතන්න පුළුවන් සාක්ෂි සාධක හමුවෙලා තියෙනවා. ඉහතින් දැක්වෙන සිතියමෙන් ප්‍රධාන ශිෂ්ඨාචාර හතර දැක ගත හැකියි. යුප්‍රටීස් ටයිග්‍රීස් ( ඉරාකය ) ක්‍රි.පූ. 3500 - 1500 නයිල් නිම්න ( ඊජිප්තුව / මිසරය ) ක්‍රි.පූ. 3100 - 1070 ඉන්දු නිම්න ( පකිස්තානය ) ක්‍රි.පූ. 2500 - 1500 හොවැංහෝ නිම්න ( චීනය ) ක්‍රි.පූ. 1700 - 1000 මෙලෙස ගංඟා නිම්න ආශ්‍රිතව බිහි වූ ශිෂ්ඨාචාර හතරම බොහෝ දුරට සමකාලීන වකවානු වලදී ඇති වූ බව සැලකිය හැකියි. ගංඟා නිම්න ආශ්‍රිතව ශිෂ්ඨාචාර බිහිවීමට හේතු වූ ප්‍රධාන සාධක කිහිපයක් හදුන ගන්න පුළුවන්. ජලය - මනුෂ්‍යයන්ට සහ සත්වයන්ට බීමට අ

ජර්මනියේ හයිඩ්‍රජන් දුම්රිය

Image
ගොඩබිමින් වැඩිම මගීන් පිරිසකට එකවර පහසුවෙන් ගමන් කළ හැකි ප්‍රවාහන සේවය වෙන්නෙ දුම්රියයි.අපේ රටේ නම් දුම්රිය සේවය එතරම් දියුණු මට්ටමක නැති බව ඔයාලට අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ.අපේ රටේ 1864 දී කොළඹ සිට අඹේපුස්ස දක්වා (54km) ඉදිකර ප්‍රථමයෙන් දුම්රිය ධාවනය කළ බව සදහන්.අපේ රටේ සාමාන්‍යයෙන් දිනකට ලක්ෂ තුනක් විතර දුම්රිය තම අවශ්‍යතා සදහා භාවිතා කරනවා .වර්තමානයේ අපේ රටේ බහුලවම භාවිතා වෙන්නෙ ඩීසල් එන්ජින් සහ බලවේග කට්ටලයි.මේ ඩීසල් එන්ජින් සහිත දුම්රියන් නිසා විශාල පරිසර දූෂණයක් වෙනවා .විදුලි දුම්රිය වල මේ තත්වය අවම වුණත් දුම්රිය මාර්ග අවට අට්ටාල ගැසීමට සිදුවීම නිසා පරිසරය අවලස්සන වෙනවා.ඒ වගේම වියදමත් අධිකයි.අපේ රටේ තවමත් විශේෂ අවස්ථා වලදී පාවිච්චියට ගැනෙන වාශ්ප එන්ජින් නිසාත් පරිසරය දූෂණය වීමක් සිද්ධ වෙනවා. වාතය, ශබ්දය, වගේම අවට පරිසරය දූෂණය වීම වැලැක්වීමට විසදුමක් ලෙස දුම්රිය නිෂ්පාදනයේ පුරෝගාමී සමාගමක් වන ප්‍රංශයේ Alstom ආයතනය ජර්මනිය වෙනුවෙන් පරිසර හිතකාමී දුම්රියක් ලොකයේ ප්‍රථම වරට මෑතකදී නිපදවා,භාවිතය සදහා යොදාගෙන තිබූණා.මේ දුම්රිය ධාවනය වන්නේ හයිඩ්‍රජන් වලින්.මේ දුම්රියේ හැඩයත් බැලූ

චේන් නැති අපේ කාලයේ බයිසිකලය

Image
ශ්‍රී ලංකාවේ නගරබද දී පාපැදි භාවිතය තරමක් අඩු වුනත් ගම් ප්‍රදේශවල ජනප්‍රියම වාහනය වෙන්නේ පාපැදියයි.මුල් කාලයේ ප්‍රවාහනය සදහා පමණක් භාවිතා වුන බයිසිකලය වර්තමානය වන විට භාණ්ඩ ප්‍රවාහනයට,විනෝදයට වගේම ක්‍රීඩාව සදහාත් යොදා ගන්නවා.වර්තමානයේදී විවිධ හැඩයෙන් වගේම විවිධ තාක්ෂණයෙන් යුතු පාපැදි වෙළදපොළට පැමිණ තිබෙනවා.ලොව මුල්ම බයිසිකලය මීට අවුරුදු 300 පමණ පෙර නිපදවා ඇති බවයි විශ්වාසය.මෙම මුල්ම බයිසිකලය හදුන්වා ඇත්තේ "තනි රෝදය " යන නමින්.මෙයට ඒ නම ලබීමට හේතු වී ඇත්තේ රෝද දෙකක් තිබුණත් ඉදිරි පස රෝදය වඩාත් විශාල වීම හේතුවෙනුයි.මෙය තනිකරම ලීයෙන් නිපදවා තිබූ අතර ඒ සදහා පැඩලයක් තිබී නැහැ.මෙය පැදයාම අපහසු කටයුත්තක් වූ නිසාම එකල ජනයා අතර එතරම ජනප්‍රිය වී නැහැ.පසු කාලයේදී මෙයට පැඩලයක්ද සහිතව සුව පහසු ආකාරයෙන් නිර්මාණය වෙලා තියෙනවා.පාපැදියක් නිර්මාණය සම්බන්ධයෙන් මුල් වරට පේටන් බලපත්‍රයක් ලබාගෙන ඇත්තේ 1645 දී Jean the Son යන අයෙක් විසිනුයි. වර්තමානය වන විට චේන් නොමැති පාපැදි නිපදවා තියෙනවා.මේ කියන්න යන්නේ ලෝකයේ විශාලම පාපැදි ප්‍රදර්ශනය වෙන 2018 වසරේ ජර්මනියේ පැවැත්වූ "Eurobike" වෙ

කැමති අකමැති කවුරුත් මාමයිට් ගැන නොදත් කතාව

Image
මාමයිට් වලට සමහරු කැමති වුවත් තවත් සමහරෙක් අකමැති කෑමක්.මෙනිසා තමයි ඔවුන්ගෙ වෙළඳ දැන්වීම් වල " Love it or Hate it " කියලා සදහන් කරලා තියෙන්නෙ.මේක කෑමක් විදිහට වගේම රසවත් බීමක් විදිහටත් පිළියෙල කරගන්න පුළුවන්. මාමයිට් අත්වැරදීමක් නිසා 1902 දි Justin Liebig කියන ජර්මානු විද්‍යාඥ්ඥයෙක් අහම්බෙන් සොයාගත් දෙයක්.මේ විද්‍යාඥ්ඥයා මේ පරීක්ෂණයෙන් සොයාගන්නවා Brewer’s Yeast ( බීර මන්ඩි )(මේක ඇත්තටම දිලීර ජාතියක්) කියන දිලීර ජාතිය කෑමට ගන්න පුළුවන් වගේම බෝතල් කර අසුරා කල් තබා ගන්නත් පුළුවන් කියලා.ඒ වගේම මෙය ආහාර රස කර ගැනීමටත් යොදා ගන්නවා.1902 දි එංගලන්තයේ Burton on Trent ප්‍රාන්තයේ StaffordShine කියන නගරයේ මාමයිට් නිෂ්පාදනාගාරයක් ස්ථාපනය කරනවා.මෙම තෝරා ගැනීමට මූලික හේතුව වූයේ මාමයිට් නිෂ්පාදනයට අවශ්‍ය කරන බීර මන්ඩි එම නගරය අවටින් පහසුවෙන් සොයාගැනීමට හැකිවීමයි.මාමයිට් හදන්න බීර මන්ඩි වලට අමතරව ලුණු,කුළු බඩු,සැල්දිරි,ෆොලික් අම්ලය,විටමින් බී12,thiamin වගේම riboflavin යොදාගන්නවා.මෙම මූලික අමුද්‍රව්‍ය ප්‍රසිද්ධ වුනත් මාමයිට් හදන්න ගන්න සැබෑ වට්ටෝරුව තවමත් ව්‍යාපාරික රහසක්.මාමයිට් වල පෝ

ඉතිහාසය හැදින ගමු

Image
ඉතිහාසය කියන්නෙ මොකක්ද කියලා සරලව කියනවනම්,අතීතයේ ජීවත්වූ මිනිසුන් ගැන තොරතුරු සොයා බලා ඒවා පැහැදිලි කරගැනීමයි. ඉතිහාසය ගැන දැනුම ලබා ගැනීමට උපයෝගී කර ගන්නා සෑම දෙයක්ම මූලාශ්‍ර වශයෙන් හදුනාගත හැකියි.අතීතයේ ජීවත් වූ මිනිසුන් පරිහරණය කරන ලද දැනට ඉතිරි වී ඇති භාණ්ඩ,පැරණි පොත් පත්,ජනකතා,පැරණි ගොඩනැගිලි,ලෙන් ලිපි වගේ දේවල් ඉතිහාසය හැදෑරීමේදී මූලාශ්‍ර වශයෙන් භාවිතා කරන්න පුළුවන්. අතීතයේදී සිදුවුන දේ අවසන් වෙලා තිබුණත් ඒවා මගින් අපට දෙන පණිවිඩය වර්තමානය වගේම අනාගතය වඩා යහපත් කර ගැනීමට ප්‍රායෝගිකව යොදාගැනීමේ හැකියාව පවතිනවා.අපිට ඉතිහාසයෙන් පාඩම් ඉගෙනගෙන වඩා පහසුවෙන් මෙන්ම නිවැරදිව අනාගතය සැලසුම් කිරීමේ හැකියාව පවතිනවා. ඉතිහාසයේ විවිධ සිදු වීම් අයත් කාලය මැනීමේ ක්‍රම ගණනාවක් තිබුණත් වර්තමානය වන විට බහුලවම භාවිතා වෙන්නේ ක්‍රිස්තු පූර්ව සහ ක්‍රිස්තු වර්ෂ යන ක්‍රම දෙකයි.ක්‍රිස්තුස් වහන්සේ උප්පත්තිය සිදුවීමට පෙර කාලය ක්‍රිස්තු පූර්ව ලෙසත්,ක්‍රිස්තුස් වහන්සේගේ උප්පත්තියෙන් පසු කාලය ක්‍රිස්තු වර්ෂ ලෙසත් හදුන්වනවා.ක්‍රිස්තුස්වහන්සේගේ උප්පත්තිය සිදු වූ වර්ෂය ක්‍රි.ව.1 ලෙසත් ඊට පෙර වර්ෂ ක

ඩොනල්ඩ් ට්‍රම්ප් ,ඇමෙරිකානු ඩොලරය සහ රුපියල අවප්‍රමාණය වීමේ සත්‍ය

Image
ඩොනල්ඩ් ජෝන් ට්‍රම්ප් කියලා කියන්නෙ ලෝකයේ බලවත්ම රාජ්‍ය වන අමෙරිකා එක්සත් ජනපදයේ 45 වන ජනාධිපති වරයායි.මොහු එරට ධනවත්ම ව්‍යාපාරිකයෙකුද වනවා.ඩොනල්ඩ් ට්‍රම්ප් 1946 ජූනි 14 වන දින මේරි ට්‍රම්ප්ට සහ ඉඩම් සංවර්ධකයෙකු වූ ෆෙඩ් ට්‍රම්ප් යුවලගේ ළමුන් පස්දෙනාගෙන් ,හතරවෙනියා වශයෙන් නිව්යෝක් නුවරදී උපත ලබනවා.මොහු 1968දී පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයේ වෙරටන් පාසලෙන් තමාගේ උපාධිය ලබාගැනීමෙන් අනතුරුව තම පියාගේ ව්‍යාපාරික කටයුතු වලට සම්බන්ධ වී වැඩ කටයුතු කරනවා.1971 දී ව්‍යාපරික කටයුතු වල පාලන බලය ට්‍රම්ප්ට හිමි වූ අතර ඔහු ව්‍යාපරය පුළුල් කර , ඒවා දියුණුවෙන් දියුණුවට පත් කළා.ට්‍රම්ප් විවාහයන් තුනක් කරගත් අතර ඉන් පළමු විවාහයන් දෙක දික්කසාදයෙන් කෙළවර වුණා.මොහුට විවාහයන් තුනෙන් දරුවන් පස් දෙනෙක් සහ මුණුපුරන් අටදෙනෙකු සිටිනවා. දැන් අපි බලමු මේ දවස් වල වැඩියෙන්ම කතා වෙන රුපියලේ අවප්‍රමාණය වීම ගැන.ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති නිසා ඇත්තටම රුපියලට මොකද වුණේ කියලා ?  අපි හැමෝම දන්න විදිහට මුළු ලෝකයම එකම විශ්ව ගම්මානයක් බවට පත්වෙලා තියෙනවා.භණ්ඩ, සේවා, ප්‍රවාහනය, සන්නිවේදනය වගේම සංස්කෘතික වශයෙනුත් අපි විව

ඇයි මෙහෙම වෙන්නේ (විද්‍යාත්මක හේතූ) 1

අපි නිෂ්චලව සිටිනවා කියලා හිතාගෙන හිටියට අපි සිටින ස්ථානය අනුව පැයට සැතපුම් 1000ක පමණ වේගයකින් චලනය වෙමිනුයි සිටින්නේ.පෘථිවියේ සමකය අවට ජීවත් වන පුද්ගලයින් ඉහළම වේගයකින් ගමන් කරන අතර උත්තර හෝ දක්ෂිණ ඩ්‍රැව වල ජීවත් වන පුද්ගලයින් නිෂ්චලවම සිටියි. අපේ හදවතට අවශ්‍ය ඉඩ සපයා දීම සදහා වම් පෙනහැල්ල දකුණු පෙනහැල්ලට වඩා කුඩාවටයි සකස් වෙලා තියෙන්නේ. අපි පොඩිකාලෙදි ඉගෙනගෙන තියෙන්නෙ මහවැලි,කැළණි,වලවේ,කළු කියන ගංඟා හතර ආරම්භ වෙන්නෙ සමනළ කන්දෙන් කියලයි.නමුත් සමනල කන්දෙන් පටන් ගන්නෙ කළු ගඟ විතරයි.මහවැලි ගඟේ ප්‍රධානම මූලාශ්‍රය වෙන කොත්මලේ ඔය පටන් ගන්නෙ හෝටන් තැන්නෙන්.ඒ වගේම කැළණි,වළවේ කියන ගංඟා පටන්ගන්නෙත් හෝටන් තැන්නෙන්. ගුරුත්වාකර්ෂණ න්‍යාය ඔළුවට වැටුන ඇපල් ගෙඩියක් නිසා අහම්බෙන් නිවුටන් කියන විද්යාඥ්ඥයා හොයාගත්තා කියලනෙ අපි කවුරුත් අහල තියෙන්නේ.නමුත් මෙම න්‍යාය එහෙම අහම්බෙන් බිහිවුන එකක් නෙමෙයි.මේකට නිවුටන්ට අවුරුදු 20 විතර ගිහිලා තියෙනවා.ඒ වගේම මේ න්‍යාය ගොඩනැගීමේදී ක්‍රිස්ටෝපර් ව්‍රීන්,රොබර්ට් හෝක්,එඩ්මන්ට් හැලී වගේ ගොඩ දෙනෙක්ගෙන් උදව් ලැබිලත් තියෙනවා. මඩ සෝදාගත් කළ ගොවියා රජ කමටත් ස

ඉවසීමෙන් ඉලක්ක වෙත

Image
වර්තමානයේ දකින්න තියෙන සමාජ ප්‍රශ්ණයක් වන්නේ නූතන පරපුර තුළ ඉවසීමෙන් තම ඉලක්ක වෙත යාමේ නොහැකියාවයි.හැමදෙයක් සදහාම ක්ෂණික විසදුම් සොයයි.එහි ප්‍රතිඵල නොතිබුනහොත් මහත් ව්‍යසනයන් සිදු කරයි, නැතහොත් සිදු කර ගනී.මෙයට හොදම නිදසුනක් වෙන්නේ මෑත කාලයේදී තම පෙන්වතා/පෙම්වතිය අතහැරීම නිසා එක්කෝ තමා වරදකරුවෙකු යැයි සිතන පුද්ගලයෙකු හෝ කිහිපදෙනෙක් ඝාතනය කිරීම හෝ නැතහොත් තමාගේම සියදිවි හානි කරගැනීම වැනි දේ දක්වන්න පුළුවන්.මෙවැනි බාල නියාටු ක්‍රියාවලට තරුණ පරපුර යොමු වන්නේ නිවැරදි ගුරු හරු කමක් හෝ මග පෙන්වීමක් නොමැති නිසාදෝයි මට සිතේ.මේ හේතුව නිසාම අද මම "ඉවසීමෙන් ඉලක්ක වෙත" කියන මේ මාතෘකාව තෝරාගත්තා. ඔයාලා දන්නවද චීන උණ ගස ගැන.චීන උණ ගසක් වැඩෙන්න වසර පහක කාලයක් ගත වෙනවා.ඒත් ඒක ඒ විදිහට වැඩෙන්න නම් දවස ගානේ ජලය සහ පොහොර වගේ පෝෂක කොටස් අවශ්‍ය වෙනවා.වසර පහක් යනකන් චීන උණ ගස පොළොවෙන් උඩට මතු වෙන්නෙ නැහැ.නමුත් වසර පහක් අවසානයේ පොළොවෙන් මතු වුනාට පස්සේ සති පහක් ඇතුළත අඩි 90 උසට මේ ගස උස යනවා.මේ විදිහට අඩි 90 ක් උස යන්න අවශ්‍ය පෝෂණය වගේම ශක්තිය මේ ගස ලබා ගත්තේ වසර පහක් තුළ එකතු කරගත්ත ජලය වගේ

රාජාලියාගෙන් පාඩමක්

Image
රාජාලියෙක් සාමාන්‍යයෙන් අවුරුදු 70ක් විතර ජීවත් වෙනවා.මේ විදිහට අවුරුදු 70 ජීවත් වෙන්න නම් ඌට අවුරුදු 40 විතර වෙනකොට දැඩි වගේම වේදනාකාරී තීරණයක් ගන්න සිද්ධ වෙනවා. ඒ මොකක්ද දන්නවද ඒ තීරණය.රාජාලියෙකුගේ වයස අවුරුදු 40ක් විතර වෙන කොට එයාගේ තියුණු හොට වැඩිලා වක් වෙනවා.එතකොට කෑම කන්න අමාරු වෙනවා.නියපොතු වැඩිලා ඉදිරියට නැමිලා ගොදුරු ඩැහැගන්න බැරි වෙනවා.පිහාටු වල ගණකම වැඩි වෙලා ඒවා පපු ප්‍රදේශයට ඇලෙනවා.එතකොට පියාඹන්න අමාරු වෙනවා.මේ වෙනකොට රාජාලියාට ගත හැකි තීරණ දෙකයි ඉතුරු වෙන්නේ.එකක් තමයි මේ සිද්ධ වෙන දේවල් එහෙම්මම වෙන්න දීලා මිය යන එක.අනිත් තීරණය තමයි වේදනාකාරී දින 150 ක උපවාස කාලයක් ගෙවන එක.ඒක කරන්නෙ මෙහෙමයි.උස් ගල් තලාවක් උඩට ගිහින් හොට ගෙවෙනකම් ගලක තුල්ලනවා,නියපොතු ටික කඩා දානවා.තව ටික දවසක් ඉන්න වෙනවා හොටයි නියපොතුයි වැඩෙනකන්.ඊට පස්සෙ හොටයි නියපොතුයි පාවිච්චි කරලා එයාගෙ පිහාටු සේරම ගලවනවා.මෙයගේ හොට නියපොතු වගේම පිහාටු සේරම වැඩෙන්න දවස් 150 යනවා.මේ දවස් 150ක කාලය තුල මෙයාට නිරාහාරව උපවාස කාලයක් ගත කරන්න සිද්ධ වෙනවා.මේ විදිහට අපහසුවෙන් ගෙවපු දින 150 කට පස්සෙ මෙයා අළුත් ජීවිතයකට එන්න

සමාජයේ පුද්ගලයන් තේරුම් ගැනීමේදී සිදු කරන පොදු වැරදි

Image
ගතානුගතික බව කණ්ඩායමක ගති ලක්ෂණ පුද්ගලයෙකුට ආරෝපනය කිරීම මෙහිදී සිදු වේ.මෙහිදී පුද්ගලයාගේ ගති නොව කණ්ඩායමේ ගති ගුණ පුද්ගලයාට ආරෝපනයක් සිදු කරනු ලබයි. උදාහරණයක් විදිහට මෙහෙම හිතමුකො. කොපමණ නරක ගති ඇතෙකු වුවත් ප්‍රසිද්ධ පාසලක අධ්‍යාපනය ලැබූවෙකු නම් ඔහුත් හොද අයෙකු ලෙස පිළිගැනීම දක්නට පුළුවනි.මෙහිදී පාසලේ කීර්තිනාමය ඔහුට ආරෝපනය කරයි.මෙය අපි අනෙක් අයව තේරුම් ගැනීමේදී සිදු කරන පොදු වැරැද්දකි. එක් ලක්ෂණයක් පිළිබදව පමණක් සැලකීම ලක්ෂණ කිහිපයකින් පුද්ගලයෙකුගේ සමස්ථය දැකීම මෙහිදී සිදු වේ.බොහෝ වෙලාවට පුද්ගලයෙකුගේ ප්‍රථම හමුවකදී ලක්ෂණ කිහිපයක් දෙස බලා ඔහුගේ සමස්ථය තීරණය කිරීමට බොහෝ දෙනා පෙළඹේ. තෝරාගත් සංජානනය අකමැති තොරතුරු ඉවත දමා කැමති දේට අවධානය දැක්වීම මෙහිදී සිදු වේ.උදාහරණයක් ලෙස කෙනෙකුගේ කේන්තියන ගතිය අකමැති නිසා වෙන් ඔහුගේ අහිංසක කම ,සත්‍යවාදී බව යන අනෙකුත් ආකර්ශනීය ගතිගුණ කෙරෙහි පමණක් අවධානය යොමු කිරීම දැක්විය හැකියි. ප්‍රක්ෂේපනය තමන්ගේ ගති ලක්ෂණ අන් අය තුළින් අපේක්ෂා කිරීම මෙහිදී සිදු වේ.උදා: තමන් සත්‍යවාදී කියා එම ගතිගුණය අනෙක් අයගෙන්ද බලා පොරොත

දූපත් මානසිකත්වයෙන් මිදී නිවැරදිව හිතන්න පුරුදු වෙමු

Image
දූපත් මානසිකත්වයෙන් මිදිලා හරි විදිහට හිතන්නෙ කොහොමද කියලා කතා කරන්නයි අද අපි සූදානම් වෙන්නේ. අපි ජීවත් වෙන මේ සමාජයේ මිනිස්සු ප්‍රධාන කොටස් තුනක් යටතේ වර්ග කරලා හදුනාගන්න පුළුවන්.ඒ වර්ග තුන තමයි බුද්ධිමතුන්, කපටීන් සහ මෝඩයන්. බුද්ධිමතුන් හැමදේ ගැනම විමසිලිමත්, නිතරම හරි දේ කරන්න උත්සහ කරන , ඒ වගේම වැරදි දේ නිවැරදි කරන්න උත්සහ කරන අයයි. කපටීන් යම්තාක් දුරට යථාර්ථවාදීව සහ තර්කානුකූලව සිතනවා වුනාට තමන්ගේ වාසියට අනුන්ව රවටලා , මිත්‍යාව වගේම වැරදි දේ පතුරනවා. මෝඩ පුද්ගලයින්ට තාර්කිකව හිතන්න අමාරුයි.විචාරශීලී බවිනුත් තොරයි.ප්‍රශ්ණ කිරීම් කොහෙත්ම කරන්නේ නෑ.අනිත් අයගේ මතය විචාරශීලීව විමසන්නෙ නැතුවම පිළිගන්නවා. අපි මේ සමාජයේ ජීවත් වෙන කොට බුද්ධිමත් විදිහට ජීවත් වෙන්න උත්සහ කරන්න ඕනේ.හරි අපි දැන් බලමුකො හරි විදිහට , බුද්ධිමත් විදිහට හිතන්නේ කොහොමද කියලා. තර්කයට නොව පුද්ගලයාට පහර ගැසීම යම් කෙනෙක්ගේ තර්කයට පහරදීම වෙනුවට ඒ පුද්ගලයාට පහර ගැසීමට අපි කියනවා වැරදි එහෙමත් නැත්නම් බංකොලොත් තර්ක කියලා.සාකච්ඡාවකදි පාර්ශව දෙකෙන් එක් පාර්ශවයක් අනෙක් පාර්ශවයට නොසෑහෙන්ට බැ

විමර්ශනශීලී බුද්ධිය

Image
අපේ රටේ බහුතරයක් ජනයාගේ විමර්ශනශීලී බුද්ධිය අවම මට්ටමක පවතින බව නම් අමුතුවෙන් කිවයුතු නෑ.මොකද කියනවා නම් කපටි නැකත්කරුවන්ට,පූජකයන්ට සහ කෛරාටික දේශපාළුවන්ට රැවටෙන පිරිස දෙස බලනකොට අමුතුවෙන් තක්සේරුවක් ගැනීමට අවශ්‍යවෙනවා කියලා මං නං හිතන්නෙ නෑ. යම් කිසි දෙයක් කියූ පමණින් කරුණු සොයා බලා කටයුතු කිරීමට බහුතරයක් පුරුදුව නෑ.මෙහෙම වෙන්න හේතුව මොකක්ද කියලා දැන් අපි බලමු.අපි පොඩි කාලේ ඉදන්ම දෙමාපියන්,වැඩිහිටියන් අපිව නානාප්‍රකාර සංස්කෘතික දම්වැල් වලින් වගේම ආගමේ නාමයෙන් සිරගත කර තැබූ හැටි ඔයාලටත් මතකයට නගාගන්න පුළුවන් වේවි.ආගමේ යම් දෙයක් ගැන තර්ක කල හොත් නරකාදියට යන බව පවසමින් ආගමික කරුණු ගැන තාර්කිකව සිතන එක අපි කුඩා කාලයේදීම ,වැඩිහිටියන් නැවැත්තුවා.සංස්කෘතිය ගැන ප්‍රශ්ණ කරද්දි ඒවා ආදි කාලයේ සිට පවතින සිරිත් විරිත් නිසා ඒවා මෙතෙක් පරම්පරාවෙන් ආරක්ෂා කල ආකාරයටම අපිත් ඒවා රැක ගත යුතුයි කියලා තරවටු කලා.ඒ වගේම අපේ පුංචි හිත් වලට එන විවිධාකාරයේ ගැටළු ගැන දෙමාපියන්ගෙන්,වැඩිහිටියන්ගෙන් අහනකොට පණ්ඩිතයෙක් නොවී ඉන්න කියලා අපි අහන ප්‍රශ්න මගහැරියා.ප්‍රශ්ණ අහන එක අධෛර්යමත් කලා.විමසිලිමත් වෙන එක අඩපණ